“වෙරිටේ රිසර්ච්” ආයතනය පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය තුන් ගුණයකින් ඉහල ගොස් ඇති බවයි.
“රට හිතන හැටි” යනුවෙන් එම ආයතනය මඟින් සිදුකරන දීප ව්‍යාප්ත ජනමත විමසුමේ ජූලි මාසයේ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට වාර්තා පළ වනවා.
පෙබරවාරි මාසයේ වත්මන් ආණ්ඩුව පිළිබඳව සියයට 7ක්ව පැවති ජනතා ප්‍රසාදය මෙම මාසය වන විට සියයට 24 දක්වා ඉහළගොස් ඇති අතර වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට සියයට 28ක් ප්‍රකාශකර ඇති බවද එම සමීක්ෂණ වාර්තාවේ සඳහන්.
“වෙරිටේ රිසර්ච්” ආයතනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙරට ආර්ථිකය හොඳ අතට හැරෙමින් පවතින බවට සියයට 30ක් ප්‍රකාශ කර ඇති බවයි.
මේ අතර සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජුලි මස 14 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 85,426 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.
මිලියනයකට අධික සංචාරකයන් පිරිසක් මේ වසරේ ගතවූ කාලය තුළ පැමිණ ඇති අතර ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා. එම සංඛ්‍යාව 207,966ක්.
රුසියාවෙන් සංචාරකයින් 116,019 දෙනෙකු පැමිණ ඇති අතර බ්‍රිතාන්‍ය යෙන් සංචාරකයින් 97,055 දෙනෙකු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව ජර්මනිය, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාව යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.