
ජනාධිපති අනුර දිසානායක මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි සහල් මිල පවත්වාගෙන යාමට සියලු සහල් මෝල් හිමියන් එක වූ වූ බව අරලිය සහල් ව්‍යාපාරය අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරනවා.
ඒ අනුව එළඹෙන කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් එම මට්ටමේම සහල් මිල පවත්වාගෙන යාමට යාමට කටයුතු කරන බවත් ඊට වඩා වැඩි මිලකට සහල් මිලට නොගන්නා ලෙස වෙළදුන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පවසනවා.
මෙම ක්රියාමාර්ගයෙන්ද සහල් මිල පාලනය කළ නොහැකි නම් ත්‍රිවිධ හමුදාව යොදවන ලෙසද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ඒ මහතා තව දුරටත් කියා සිටියා.
මේ අතර පොලොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද දිනයේ විශේෂ පරීක්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එහිදී පවතින සහල් තොග පිළිබඳව වාර්තා ලබා ගැනීමට නියමිතයි.
එම මෝල් වලින් දෛනිකව නිකුත් කරන සහල් තොග පිළිබඳව දෛනිකව වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.