
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය අමෙරිකාව සමග ඇතිකර ගත් ඩොලර් මිලියන 553ක ණය ගිවිසුමෙන් ඉවත් වී තිබෙනවා.
ඒ අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකර ඇති පසුබිමකයි.
කෙසේ වෙතත් බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යොදවා සිදුකිරීමට නියමිතයි.
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් අපේක්ෂා කල අමෙරිකානු ඩොලර් මිලියන 553ක ණය ගිවිසුම අත්හැර දැමූ බව අදානි වරාය හා විශේෂ ආර්ථික කලාප සමාගම පවසනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඒ අනුව කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය ව්‍යාපෘතිය සඳහා අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යෙදවීමට නියමිත බවයි.
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා පිහිටවනු ලැබූ සමාගමේ බහුතර කොටස් අදානි සමූහයට හිමිව තිබෙනවා.
එම ව්‍යාපෘතිය සඳහා අමෙරිකාව මූල්‍ය දායකත්වය දැක්වීම සඳහා පසුගිය වසරේදී ගිවිසුමකට එළැඹුණා.
එහෙත් අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකිරීම නිසා අදාළ මූල්‍යාධාරය ලැබීම අවිනිශ්චිතව තිබුණා.
එවන් පසුබිමක අදානි සමූහය මෙලෙස අදාළ ණය ගිවිසුමෙන් ඉවත් ව තිබෙනවා.