ශ්‍රී ලංකාවේ ජනප්‍රිය travel content creator චැනලයක් වන Travel With Wife පසුගියදා විශේෂ සංචාරයන් දෙකක් සාර්ථකව නිම කළා. ඔවුන් හයිද්‍රාබාද්හි Travernia Festival සහ තුර්කියේ ඉස්තාන්බුල්හි 8 වැනි INFLOW Global Summit 2024 සඳහා සහභාගී වී, ශ්‍රී ලංකාවට ගෞරවයක් එක් කර දුන්නා.
කසුන්, චමරි සහ ඔවුන්ගේ දියණිය එලීනා එක්වූ මෙම සංචාරයන්හිදී, ඔවුන්ගේ content තුළින් ඔවුන් ගමන් කළ ස්ථාන ප්‍රේක්ෂකයන්ට මනාව දැකබලා ගැනීමට හැකියාව සලසා දුන්නා. Travernia Festival හි ආරාධනයෙන් මෙම අවස්ථාවට එක්වූ Travel with wife, ඔවුන්ට travel කරන්නට ඇති වූ ආශාව සාර්ථක සන්නාමයක් දක්වා ගෙන යාමේ අත්දැකීම් බෙදාගන්නට හැකියාව ලැබුණා. මෙම අවස්ථාවට ගරු. සංචාරක අමාත්‍ය ජුපල්ලි ක්‍රිෂ්ණා රාඕ, එක්සත් ජාතීන්ගේ සංචාරක තානාපති කාල් ජෝෂුවා සහ ඉතිහාසඥ ආචාර්ය සිංහරාජ තම්මිට වැනි විශේෂ අමුත්තන් සහභාගී වීමත් විශේෂත්වයකි.
මෙම සංචාරයන් Travel With Wife කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා විවිධත්වය ගෝලීය ප්‍රේක්ෂකයන්ට පෙන්වීමට සුවිශේෂී අවස්ථාවක් සලසා දුන්නා.
Travel With Wife ලා මෑතකදී සහභාගී වූ අනෙක් සුවිශේෂී ගමන් අතර තුර්කියේ ඉස්තාන්බුල්හි පැවති 8 වැනි INFLOW Global Summit 2024 උත්සවය විශේෂ ස්ථානයක් දිනා ගත්තා. මෙම සමුළුවට රටවල් 20 කින් 50 කට අධික influencersලා ප්‍රමාණයක් සහභාගී වු අතර, මෙහිදී අන්තර් සංස්කෘතික සහයෝගීතාවය දිරිමත් කරමින් අලුත් අදහස් හුවමාරු කර ගැනීමට කැපී පෙනෙන වේදිකාවක් නිර්මාණය කළා. සංචාරක කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කළ Travel With Wife, එහිදී තේමා වැඩමුළුවලට සහ අධ්‍යාපනික සැසිවලට එක්වෙමින් දීර්ඝකාලීන හවුල්කාරිත්වයන් ගොඩනගා ගත්තා.
වසර හයක් පුරා, Travel With Wife ශ්‍රී ලංකාවේ හා විදේශයේ සංචාරක කතා බෙදාගෙන, නව නිර්මාණාත්මක අන්තර්ගතයන් හරහා ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. ඉදිරියටත්, නව වීඩියෝ සහ ඡායාරූප ඔස්සේ ඔවුන්ගේ සංචාරයන් ප්‍රේක්ෂකයන්ට ලබා දීමට සැරසෙන Travel With Wife සමඟ රැඳී සිටීම ඔබට ලොව සුන්දරත්වය විඳින්නට වටිනා අත්දැකීමක් වේවි.