යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිලධාරීන්ට බැන තර්ජනය කළේ යැයි චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ කාන්තාවක් ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ යාපනය අධිකරණයේදී මීට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ කලනිති ඩී සත්‍යමූර්ති විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සහ අදාළ කාන්තාව මෙලෙස එම රෝහලේ අධ්යක්ෂවරයාට සහ නිලධාරීන්ට බැන තර්ජනය කෙරුණු අතර ඒ අනුව රෝහල් අධ්යක්ෂවරයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවා.