ව්‍යාපාරික මොහොමඩ් සියාම් 2013 වසරේ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට මරණ දඩුවම නියම කරමින් මීට පෙර ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළ බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළා.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු වන රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය මෙම තීරණය දැනුම් දුන්නා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විත්තිකරුවන්ට දන්වා සිටියේ මෙම නඩුවට අදාළව ඔවුන් ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර මරණ දඬුවම ස්ථිර කළ බවයි.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාහුල් ජයතිලක අධිකරණයට දන්වා තිබුණේ 2015 නොවැම්බර් මාසයේදී මහාධිකරණයෙන් ප්‍රකාශයට පත් කළ දඬුවම වලංගු වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දිනයක් සඳහන් කර නොමැති බවයි.
දඬුවම් නියම කළ දිනය ඉතා වැදගත් බව පෙන්වා දුන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඉල්ලා සිටින නියෝගය නිකුත් කිරීමට බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බැවින් තමන්ට එය කළ නොහැකි බවයි.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් 2013 මැයි මාසයේදී ඩොලර් 50,000ක කොන්ත්‍රාත්තුවක් මත පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් වරදකරුවන් වී මරණ දණ්ඩනයට නියම වුණා.