කළුතර දකුණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.
පොලිස් වාර්තාවලට අනුව, හෝටලය අසල වෙරළ තීරයේ මත්පැන් පානය කරමින් සිටි තරුණයන් පිරිසක් සහ හෝටලයේ ආරක්ෂක කාර්ය මණ්ඩලය අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම පිරිස විසින් එක් ආරක්ෂක නිලධාරියකුට පහරදීමත් සමඟ තත්ත්වය උත්සන්න වී තිබෙනවා.
හෝටල් ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙම ආරවුල පාලනය කිරීමට උත්සාහ කරමින් බලපත්‍ර සහිත ගිනි අවියකින් අහසට වෙඩි තබා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
වෙඩි තැබීමෙන් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති අතර, ගැටුමට සම්බන්ධ පිටස්තර පිරිස එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.