
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, Congenital Methemoglobinemia නම් අති දුර්ලභ ජානමය රෝගයක් මෙරට බිළිඳෙකුට වැළඳී ඇති බව හඳුනාගෙන තිබෙනවා. එය හඳුනාගෙන ඇත්තේ අනුරාධපුර රෝහලේ ළදරු ඒකකයෙහි විශේෂඥ වෛද්‍ය මාර්.ආර්.එස්.යූ.සී. රණවක මහතාගේ පරීක්ෂණක් තුළිනුයි.
මෙම ජාන ආබාධය නිසා රුධිරයේ ඔක්සිජන් රැගෙන යාමේ හැකියාව අඩුවී ශරීරයේ කොටස් ඔක්සිජන් හිඟයට ලක් වනවා. එමෙන්ම, මෙම තත්වය නිසා සමේ නිල් වර්ණයක් ගැන්වෙන අතර විශේෂයෙන් තොල් සහ අත් පා වල එය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.
මෙම දරුවාගේ වයස මාස 8ක් පමණ වූ අතර, රුධිර පරීක්ෂාවන් මගින් මීටහිමොග්ලොබිනයේ මට්ටම් අසාමාන්‍ය ලෙස ඉහළ යාම හඳුනාගන්නට ලැබී තිබෙනවා. රුධිරයේ මීටහ්මෝග්ලොබිනය 3% සිට 24% දක්වා මට්ටම් අතර තිබුණු අතර මෙම තත්වය නිවැරදිව තහවුරු කිරීම සඳහා ජාන පරීක්ෂණ සිදු කළ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ අදාළ පරීක්ෂණ පහසුකම් නොමැති බැවින්, රුධිර සාම්පල ජර්මනියට යොමු කළ අතර, එහිදී මෙම ආබාධය තහවුරු කරන ලදී. “Congenital Methemoglobinemia” යනු ලෝකයේ ලක්ෂයක් දරුවන්ගෙන් එක් දරුවෙකුට පමණ වාර්තා වන ඉතාමත් දුර්ලබ රෝගයකි.
කෙසේවෙතත් මෙම දරුවාට දින තුනක් ඔක්සිජන් ප්‍රතිකාර ලබා දීමෙන් තත්ත්වය යහපත් අතට යොමු කරගෙන තිබෙනවා. මුලදී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ දරුවා දැන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
වෛද්‍ය රණවක මහතා සඳහන් කළේ, මෙම රෝගය සාමාන්‍යයෙන් ඥාති විවාහ හේතුවෙන් උරුම වශයෙන් පැමිණෙනවාදැයි සැලකිය හැකි වුවත්, මෙම අවස්ථාවේ මව්පියන් අතර එවැනි කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි. ශ්‍රී ලංකාවේ මෙය ප්‍රථම වරට වාර්තා වීම නිසා, මෙය සෞඛ්‍ය ක්ෂේත්රයේ දැවැන්ත සිදුවීමක් වනවා.
මේ වන විට අදාළ වෛද්‍ය කණ්ඩායම දරුවාගේ සෞඛ්‍යය පරික්ෂා කරමින් සිටිනවා. ප්‍රතිකාර සීමිත වුවත්, නිසි මට්ටමේ ප්‍රතිකාර ලබා දීමෙන් මෙම රෝගය ඇති දරුවන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දීමට හැකියාව පවතින බවයි වෛද්‍යවරයා පවසන්නේ.