නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට ශ්‍රී ලංකාවේ හැඩයෙන් යුත් නිල් මැණිකක් හමුවී තිබෙනවා.
නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරික රොහාන් වසන්ත දිසානායක පවසන්නේ, කරවිට ප්‍රදේශයේ මැණික් පතලකින් තමා එය මිලදී ගත් බවයි.
මැණික් ගල ශ්‍රී ලංකාවේ හැඩයෙන් යුක්ත වන අතර යාපනය අර්ධද්වීපය, මන්නාරම සහ ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශවල හැඩය පැහැදිලිව දැකගත හැකි බව ඔහු පවසනවා.
මැණික් ව්‍යාපාරිකයා පවසන්නේ, එය දෙසැම්බර් 24 වැනිදා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමුකර නිල් මැණිකක් බවට සහතිකයක් ලබාගත් බවයි.
ඔහු පැවසුවේ මැණික් විද්‍යාඥ එම්.ජේ.එම්. ධර්මසේකර සහ අන්වීක්ෂීය පරීක්ෂණය සිදුකළ ජානක හේමචන්ද්‍ර යන අය එය ස්වභාවික නිල් මැණිකක් ලෙස හඳුනාගත් බවයි.
“එය ඉතා දුර්ලභ නිල් මැණික් වර්ගයක් බව ඔවුන් මට පැවසුවා. මම ඒක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමුකරලා සහතිකයක් ගත්තා. දුර්ලභ මැණික් ගල් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ පළ වූ මාධ්‍ය වාර්තා අභියෝගයට ලක්ව තිබුණා. මම එය කැපීමට හෝ ඔප දැමීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ මිලට එය විකිණීමට හැකි වන තෙක් මම එය එලෙසම තබාගන්නවා. එය දේශීය හා ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා ”ඔහු වැඩිදුරටත් සඳහන් කළා.