පසුගිය මැතිවරණයේදී මහජන සුනාමියකින් පැවති දේශපාලඥයන් එලවා දැමූ බව කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරනවා.
ඊළඟ සුනාමිය පැමිණෙන්නේ ස්ථිර වශයෙන්ම රාජ්‍ය සේවයට බවද පැවසූ ඔහු රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබෙමින් ඇති බවද සඳහන් කළා.
අවශ්‍ය නම් රාජ්‍ය සේවයට එරෙහි දේශපාලන සුනාමියක් නිර්මාණය කිරීමේ හැකියාවක් තමන්ට ඇති බව ඔහු කියා සිටියා.
නමුත් තාම එසේ සිතන්නේ නැති බවද හෙතෙම කියා සිටියේ උත්සව සභාවක් අමතමින්.