රත්නපුර මහ සමන්දේවාලයේ ඇතුල් කට්ටුවේ නිල රාජකාරී මඩුල්ල අද දිනයේ සිට රාජකාරියෙන් ඉවත්ව සිටීමට තිරණය කර තිබෙනවා.
හිටපු බස්නායක නිලමේගේ ධූර කාලය අවසන් වූ පසු වර්තමාන වැඩ බලන බස්නායක නිලමේවරයා පත්කර ඇත්තේ සම්ප්රදාය කඩකරමින් හා අනීතිකව බව පවසමින් මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වහාම එම ධුරයෙන් ඔහු ඉවත් වනතුරු ඇතුල් කට්ටුවේ රාජකාරි මඩුල්ල අද (05) සිට රාජකාරීවලින් ඉවත්වන බව සදහන් කරනවා.
මෙම පත් කිරීමට විරෝධය පල කරමින් අද සමන් දේවාලය ඉදිරියේ විරෝධතාවක් පැවති අතර ඔවුන් පැවසුවේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස පත් කර ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන ක්රියාකාරිකයෙකු බවයි.