කතානායක ජගත් වික්රමරත්න මහතා කථානායක නිල නිවස මෙතෙක් භාවිතයට ගෙන නැති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරනවා.
පසුගිය දෙසැම්බර් 14 වැනිදා ඔහු දසවන පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස තේරී පත්වුණා.
නමුත් එතැන් සිට මේ දක්වාම ඔහු පාර්ලිමේන්තුව ආසන්නයේම පිහිටි කතානායක නිල නිවස භාවිතයට ගෙන නැහැ.
නමුත් පාර්ලිමේන්තු සැසි පැවැත්වෙන දිනයන්හි මෙන්ම නොපැවැත්වෙන ඇතැම් දිනවලද පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් කතානායකවරයා නවාතැන් ගන්නේ කොහේදැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද නොදන්නා බවත් වාර්තා වනවා.
ජගත් වික්රමරත්න මහතා පසුගිය මහ මැතිවරණයේදී පොලොන්නරුව දිස්ත්රික්කයෙන් තරග වැද පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් පසු කතානායක ධුරයට පත් වුණා.