විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන්කර නැවත මෙරටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබාදුන් දායකත්වයට ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට එය මහත් ශක්තියත් වූ බවද සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21) පෙරවරුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වුණු “විගමනික හරසර” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්.