ජනාධිපතිවරයා චීනයට ගොස් අත්සන් තැබුවේ පැරණි ව්‍යාපෘති සඳහා බවත් අලුත් ව්‍යාපෘති කිසිවක් නැති බවත් හිටපු ඇමති චම්පික රණවක මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.
“බොහෝ ව්‍යාපෘති අතීත ව්‍යාපෘති. අලුත් ආයෝජන කියලා කිසිවක් ඇවිල්ලා නෑ. විශේෂයෙන්ම ඔය තෙල් පිරිපහදුව පිළිබඳ කරුණ ගත් කළ, ඕක කාලයක් තිස්සේ තියෙන අදහසක්.
ඔය වරාය හදන වෙලාවෙත් 2011 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ අක්කර දෙදාහකට අධික ප්‍රමාණයක් ඔය වරායේ අවට කර්මාන්ත පුරයකට වෙන් කළා. එක අංගයක් තිබුණේ ඔය පිරිපහදුව. ඒ වගේ ම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කාලේ ඒ මුල අවස්ථාවේ අපි චීනෙට ගියා. ඒ චීන කණ්ඩායමේ මමත් හිටියා පිරිපහදු දෙකක් හැදීම සඳහා. යෝජනාවක් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. මලික් සමරවික්‍රම ඇමතිතුමා ගෙනල්ලා. ඒ වගේ ම ගිය ආණ්ඩුවලත් ඕක දිගටම කතා වෙච්ච දෙයක්.
අලුත් දෙයක් නෑ. අලුත් යමක් නෑ. එක ම දේ තමයි හොංකොං නගරය වගේ ලංකාවත් තමන්ගේ ප්‍රාන්තයක් කරගන්න චීනය උත්සාහ කරනවායි කියපු නායකයාට ගිහිල්ලා වරාය නගරය සම්බන්ධයෙන් ව්‍යාජ මත පතුරපු නායකයින්ට ගිහිල්ලා මේක කරන්න සිද්ධ වෙච්ච එක තමයි ඛේදවාචකය”