ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි වික්ටර් අයිවන් මහතා ගාල්ලේ සිය නිවසේදී ජීවිතක්ෂයට පත් වූ බව පවුලේ සාමාජිකයින් තහවුරු කළාහ. මිය යනවිට ඔහු 75 වැනි වියෙහි පසුවුණා.
ඔහුගේ අභාව සනිටුහන් කරමින්, ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට නියමිත අතර, ඒ අනුව ගාල්ලේ දී හෙට (20) අවසන් කටයුතු සිදු කෙරෙනවා.
1949 ජූනි 26 වැනිදා උපත ලැබූ වික්ටර් අයිවන් මහතා, ගවේෂණාත්මක වාර්තාකරණයට මෙරට මග පෙන්වූ පුරෝගාමියෙකි. තරුණ කාලයේදී 1971 කැරැල්ලේ සන්නද්ධ අංශයේ ක්‍රියාකාරීව නිරත වූ ඔහු, තමාගේ ජීවිතය අවදානමට ලක් කරමින් අරගලයක නියැළුණු විරුවෙකු ලෙස ද සැළකෙනවා.
දේශපාලන විචාරකයෙකු, න්යායාචාර්යයෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ වික්ටර් අයිවන්, “රාවය” පුවත්පතේ කර්තෘවරයා ලෙස තමාගේ අභීතත්වය සහ ප්‍රතිපත්තියෙන් මෙන්ම ගවේෂණාත්මක වාර්තාකරණය තුළින් වඩාත් ප්‍රසිද්ධියට පත් වූවා.
ඔහු රාවය සඟරාවේදී ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් විවේචනයට ලක් කළ අතර, හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන් සිල්වා පිළිබඳ සිදුකළ වාර්තාකරණය අදටත් කතාබහට ලක්වෙයි. ඒ හේතුවෙන් ඔහු වඩාත් සටන්කාමී මාධ්‍යවේදියෙකු ලෙස පිළිගත්තා.
අපහාස නඩු රැසකට මුහුණ දුන් වික්ටර් අයිවන් මහතා, සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීමට විශිෂ්ට කැපවීමක් දැක්වූ මාධ්‍යවේදියෙකු ලෙස ද හඳුන්වනවා.
ගවේෂණාත්මක වාර්තාකරණය පමණක් නොව, සමාජය දැනුවත් කිරීමේ ගත් කතුවරයෙකු ලෙසද ඔහු දායක වූවේය. “පෑන අහිංසකද?”, “කඳුළු සලන පාරාදීසය”, “දෙමළ අභියෝගය”, “ලංකාව ගලවා ගැනීම” යන ග්රන්ථයන් ඔහුගේ ගේ විශිෂ්ඨ ග්රන්ථයන් ලෙස සැළකෙනවා.
ඔහුගේ “චෞර රැජින” ග්‍රන්ථය විශේෂයෙන් දැඩි කතාබහට ලක්වූ නිර්මාණයක්.