මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය (රන්මිණිතැන්න) රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ නිර්දේශ ලබා ගැනීමට 2023-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එකී නියෝජිතායතනයේ නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු හඳුනා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමටත්, හඳුනාගනු ලබන ආයෝජකයා සමඟ වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමකට එළඹීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.