
වර්තමාන ආණ්ඩුවට රට බාරගැනීමට සිදුවූයේ රට හාල් ඇටයක්වත් රජය සතුව නොමැති අවස්ථාවක බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය පවසනවා.
අද වන විටත් ආණ්ඩුව සිදු කරමින් ඉන්නේ පසුගිය ආණ්ඩුවල වැරදි නිවැරදි කිරීම බවත් ඇය කියා සිටියා.
කෙසේ වෙතත් ඉදිරි අයවැයෙන් ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා විශාල සහන ප්‍රමාණයක් ලබා දෙන බවද ඇය කියා පැවසූ අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනකට සම්බන්ධ වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ බව සඳහන් කළා.