
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්රී ලංකාවට වඩාත් වාසිදායක බව ආචාර්ය නිතීඥ ප්රතිභා මහානාම හේවා මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවයි.
අචාර්ය නිතීඥ ප්රතිභා මහානාම හේවා මහතා,
“හැම අවස්ථාවේදීම ශ්රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ සහ හයිබ්රිඩ් අධිකරණයක් දාන්න ඕනේ වගේ යෝජනාවලට මුල පුරන්නේ අමෙරිකාව. ඒකට බටහිර රටවල් සහයෝගය දෙනවා. මූලිකම දේ… අමෙරිකාව මේ තුළින් ඉවත්වීම මත අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා.. ඉදිරියේදී අපි කරන මානව හිමිකම් සැලැස්ම… දේශීය සැලැස්ම අපිට තනියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට ඉන්දියාව, දකුණු අප්රිකාව, ජපානය වගේ රටවල සහාය ගත්තොත් අර කලින් ගෙනා ලංකාවට එරෙහි යෝජනාව අබිබවා යන්න පුළුවන්.”