
ශ්‍රී ලංකාවේ 77වැනි ස්වාධීන දිනයට සමගාමී විශේෂ උත්සවයක් ලොස් ඇන්ජලීස් නගර මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේදී ශ්‍රී ලංකා කොන්සියුලේට් කාර්යාලය මඟින් පැවැත්වූවා. මෙම අවස්ථාව සඳහා කොන්සියුලේට් කාර්ය මණ්ඩලය, ආරාධිත අමුත්තා, සහ කැලිෆෝර්නියාවේ ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජිකයින් එක්ව සිටියා.
උත්සවය සවස 6:00 ට ආරම්භ වී 7:30 ට නිමා වුණා. මෙම උත්සවය මඟින් ශ්‍රී ලංකා හා ඇමෙරිකා ජාතික ගීත ගායනය, පහන් තෙල් දැල්වීම සහ විවිධ ආගම් නියෝජනය කරමින් පූජක මණ්ඩලයෙන් ආශීර්වාද ලබා ගැනීම වැනි සම්ප්‍රදායික අංග රැසකින් ආවරණය වුණා.
මෙම උත්සවය තුළින් ශ්‍රී ලංකාවේ ‘Clean sri lanka’ මූල්‍ය ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කෙරුණා. කොන්සියුල ජනරාල්වරයා වන ආනන්ද් සිරිමාන්න මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ පණිවිඩය කියවූ අතර, අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියගේ සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත් හේරත් මහතාගේ පණිවිඩද පිරිස සමගින් බෙදා හැරියා.
මෙම අවස්ථාවේ සංස්කෘතික වැදගත්කම තවත් වර්ධනය කළේ ලොස් ඇන්ජලීස්හි ශ්‍රී ලංකා ප්‍රජාවේ තරුණ සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ සම්ප්‍රදායික ගී සහ නර්ථන වැඩසටහන මගින්.
Marlon Dale Ferreira

































