
වසර 27කට පසුව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට මෙවර හැකියාව ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, සමස්ත ආසන 70න් ආසන 47ක් භාරතීය ජනතා පක්ෂයට හිමිව තිබෙනවා.
වසර 10ක් පුරා එම ප්‍රාන්තයේ පාලනය හිමිව තිබූ ආම් ආද්මි පක්ෂයට හිමිව ඇත්තේ ආසන 23ක් පමණක් බව වාර්තා වනවා.
ආසන 35ට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගන්නා පක්ෂයට එම ප්‍රාන්තයේ බලය හිමිවනවා.
ඉන්දීය අගනුවරද ඇතුළත් දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජයගැනීම භාරතීය ජනතා පක්ෂයේ විශාල ජයග්‍රාහණයක් බව විචාරකයින් පෙන්වා දෙනවා.