රාජ්ය සේවයේ විශ්රාමිකයන්ට ලබන සැප්තැම්බර් මස සිට රුපියල් තුන්දහසක විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
රාජ්ය සේවයේ වැටුප් විෂමතාවය විසඳන තෙක් මෙම දීමනාව ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, රාජ්ය සේවයේ විශ්රාම වැටුප් විෂමතාවය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ නිර්දේශ මතයි.
ඒ අනුව ලක්ෂ 07කට පමණ මෙමගින් ප්රතිලාභ හිමිවන බවයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදීයි.
මෙම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.