
අධිරුධිර පීඩනය යනු මේ වනවිට දකුණු ආසියානු කලාපය තුළ දක්නට ලැබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය වයස අවුරුදු 70 ට අඩු පුද්ගලයන් අතර වාර්තා වන මරණ සඳහා හේතුවන තත්ත්වයක් ලෙස දැකිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බෝ නොවන රෝග පිළිබඳ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහ පෙන්වාදුන්නේ, මෙරට වැඩිහිටියන් තිදෙනකුගෙන් එක් අයෙකුට ආසන්න වශයෙන් අධිරුධිර පීඩනය ඇති බවයි.
එය ආඝාතය සහ හෘද රෝග වැනි දරුණු තත්ත්ව ඇතිවීමේ අවදානම වැඩිකරවන බව පැවසූ වෛද්‍ය බාලසිංහ පෙන්වාදුන්නේ, අධිරුධිර පීඩනය හේතුවෙන් හෘදයාබාධ, වකුගඩු රෝග, අවයව අකර්මණ්‍ය වීම වැනි සංකූලතා ඇතිවිය හැකි බවයි.
නිසි කායික හා මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමෙන් අධිරුධිර පීඩනය වළක්වාගත හැකිවී තිිබෙනවා.
අධික ලුණු භාවිතය නිසාද අධිරුධිර පීඩනය වැඩිවිය හැකියි.
වකුගඩු අකර්මණ්‍ය වීමට ප්‍රධාන හේතුව අධිරුධිර පීඩනය වන නමුත් ව්‍යායාම සහ සමබර ආහාර වේලක් මගින් එය පාලනය කළ හැකි බව සෞඛ්‍ය බලධාරීහු පවසනවා.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ මිනිසුන් දිනකට පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ට අඩු ප්‍රමාණයකට සීමාකළ යුතු බවයි.