
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.
අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සිදුවු මෙම වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.
නේපාලයේ කත්මන්ඩු නුවර සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් 2023 වසරේ සැප්තැම්බර් 13වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ගණේමුල්ල සංජීව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරුව බුස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ආ අවස්ථාවේ දී මෙම වෙඩිතැබීම සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කියා සිටියා.
මනුෂ්‍ය ඝාතන 19ක් සම්බන්ධයෙන් මේ වනවිට ගණේමුල්ල සංජීවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු පාතාල කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වනවා.
කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පියා ඝාතනය කිරීමේ චෝදනාව ගණේමුල්ල සංජීවට එල්ල වී තිබුණා.
මේ අතර සංජීව නැමැත්තාට වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයා අධිකරණ භූමියට පැමිණි අවස්ථාවේ CCTV දර්ශන පෙළක් මාධ්‍යට ලැබී තිබෙනවා. මේ දෙරණ මාධ්‍ය ජාලයෙන් පළ කළ වීඩියෝවයි.