
මන්නාරම උතුරු මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්රා 05 ක් සමඟින් ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නවික හමුදාව සඳහන් කළා.
උතුරුමැද සහ උතුරු නාවික විධානයේ නාවික නිලධාරීන් මඟින් සිදුකරන ලද සෝදිසියකදී මෙලෙස ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මන්නාරම් මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවරයින් විසින් මන්නාරම් ධීවරයින් බිය ගන්වා ඔවුන්ගේ දැල් ආම්පනයන්ටද හානි කරමින් බලහත්කාරයෙන් මන්නාරම් මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් මසුන් අල්ල බවට මීට පෙර අවස්ථවන් කිහිපයකදීම මන්නාරම් ධීවරයින් විසින් දැනුම් දී තිබුණු අතර එයට ක්රියත්මක වූ නවික හමුදාව විසින් මෙලෙස විශේෂ මෙහෙයුමක නිරත වුණා.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රා සහ ධීවරයින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් ධීවර පරීක්ෂක කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව පියවර ගත්තා.
මේ අතර 2025 ජනවාරී සිට පෙබරවාරී මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්රා 18 ක් සහ ඉන්දීය ධීවරයින් 131 ක් නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවට නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියා.