පුත්තලම නගරයේ ප්‍රධාන පෙලේ පාසලක ගුරුවරයෙකුට පාසලේ ප්‍රධාන දොරටුව අසලදී සිසුවකු පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අදාළ ගුරුවරයාව ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙලෙස පිහි ප්‍රහාරයට ලක්ව ඇත්තේ පාසලේ ප්‍රධාන පෙලේ ගණිත විෂය භාර ගුරුවරයා බවත් ඔහු විනය සම්බන්ධවද පාසලේ කටයුතු කරමින් සිටින අයෙකු බවද පොලිස් පරීක්ෂණවලදී සනාථ වී තිබෙනවා.
පිහි ප්‍රහාරයට ලක්වූ ගුරුවරයා කඩිනමින් පාසලේ ගුරුවරුන් විසින් ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුණා. ගුරුවරයාට මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම ප්‍රධාන පෙලේ පාසලේ අපොස උසස් පෙළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසුවකු බවද පැවසෙනවා.
අදාළ සිසුවා පාසලට එමින් සිටියදී ගුරුවරයා ප්‍රධාන දොරටුව අසලදී කිසියම් සිදුවීමක් සම්බන්ධව ප්‍රශ්න කර ඇති බවත් ඒහිදී සිසුවා සඟවා ගෙන සිටි පිහියක් ඇද එකවර ගුරුවරයාගේ උදරයට එක් පහරක් එල්ල කර තිබෙනවා.
එහිදී පිහි ප්‍රහාරයට ලක්වූ ගුරුවරයා එකවර ඇදී වැටී ඇති අතර සිසුවා පිහියත් රැගෙන ඒම ස්ථානයෙන් පැන ගොස් තිබෙනවා.
කෙසේවෙතත් මෙම සිසුවා හා ගුරුවරයා අතර කුමන ප්‍රශ්නයක් මත මෙම පිහි ඇනුම සිදුවූවාද යන්න පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අදාළ සිසුවාගේ කොණ්ඩය සම්බන්ධව ගුරුවරයා කිසියම් දැනුවත් කිරීමක් කර තිබූ බවත් පිහි ප්‍රහාරයට ලක්වූ දින උදෑසනද ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් පැවසෙනවා.