
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ දේශනය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේදී මෙම දේශනය පැවැත්වෙන අතර මීට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.
මෙම වැඩසටහන සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් යන පිරිස ද එක්වීමට නියමිතව තිබෙනවා.
මෙහිදී දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දෙසුම පවත්වනු ලබන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වීමද විශේෂත්වයක්.
මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙහිදී ඔහු ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමගද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙය වනවා.
හිටපු ජනාධිපතිවරයා මාර්තු 2වනදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.