
වැලිගම – පැලෑන ප්රදේශයේ හෝටලයක් ඉදිරිපිට 2023 වසරේදී සිදුවූ වෙඩි තැබීමට අදාළව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබූ වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වී තිබෙනවා.
ඔහු අද දහවල් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර, මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.