ජූලි මස 22 වන දින සිට අද (26) දක්වා ගතවූ දින 5ක කාලය තුළ විදෙස් රැකියා ජාවාරම් සිදුකළ වංචාකරුවන් 12දෙනෙකු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටාර්, නවසීලන්තය, මැලේසියාව, රුමේනියාව හා කැනඩාව යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවන් 05 දෙනෙකු ඇතුළු 12 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැතිව නවසීලන්තයේ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ කුරුණෑගල නීති විරෝධි ආයතනයක් ද වටලා ඇති අතර එහි තිබී ජීව දත්ත පත්රිකා හා තවත් ලේඛන අඩංගු ලිපිගොනු 108ක්ද නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ට අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.