
සති 03 ක කාලයක් නියුමෝනියාව සහ බ්‍රොන්කයිට්ස් රෝගයෙන් පීඩා විඳිමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට පත්ව තිබෙනවා.
වතිකානය පවසන්නේ, උන් වහන්සේට ලබාදෙන ප්රතිකාරවලින් මේ වනවිට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි.
ශුද්ධෝත්තම පාප් වහන්සේට පසුගිය සතියේ පැවති උග්‍ර ශ්වසන අපහසුතාව යම්තාක් සුව අතට හැරෙමින් පවතින බව ද වතිකාන වාර්තාවල සඳහන් වනවා.
කෙසේ වෙතත් පාප් වහන්සේගේ ශ්වසන අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැත.