
ඉන්දියාවේ ගුජරාට් හි පැවැති 25 වැනි IIFA සම්මාන උලෙළේ වැඩි ගෞරවය දිනාගැනීමට කිරන් රාවෝ ගේ Laapataa Ladies සිනමාපටය සමත්ව තිබෙනවා.
ඒ අනුව හොඳම සිනමාපටය, හොඳම අධ්යක්ෂවරිය, සහ හොඳම රංගන ශිල්පිනිය ඇතුළු සම්මාන 10ක් දිනාගැනීමට එම සිනමාපටය සමත් වුණා.
මීට අමතරව හොඳම නළුවා සම්මානය හිමිකර ගත්තේ Bhool Bhulaiya 3 සිනමාපටයේ දැක්වු රංගනය වෙනුවෙන් කාර්තික් ආර්යන් ය.
25 වැනි IIFA සම්මාන උලළේ දී ඉන්දියානු සිනමාවේ දැක්වූ කැපී පෙනෙන දක්ෂතා වෙනුවෙන් පිරිනමන සම්මානය හිමි වුයේ චිත්රපට අධ්යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදකයෙකු ද වන රාකේෂ් රෝෂන්ට ය.