
අම්බලන්ගොඩ පොලිස් වසමේ මාදම්පාගම දේවගොඩ “මල් අල්ලිය” ආසන්නයේ නිවසක් ඉදිරිපිට තාප්පයක් අසල දමාගිය බිලිඳෙකු සොයෙගෙන බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ පොලීසිය පවසා සිටිනවා.
මවක විසින් මාස කිහිපයක් වයස ඇති පිරිමි බිලිඳෙකු මෙලෙස දමායන්නට ඇති බව පොලීසිය සැකකරයි.
අද (10) උදේ 8.25ට පමණ මෙම ප්‍රදේශයේ කාන්තාවක් තාප්පය අසල සෙලවෙන යමක් දැක ඒ දෙස විපරම් කිරීමේ දී බිලිඳෙකු සිටින බව දැක ප්රදේශවාසින්ව දැනුවත් කර තිබෙන අතර පසුව අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දී මාර්ගයේ දමාගිය බිලිඳා පොලීසියට භාර දී තිබෙනවා.
පසුව පොලිස් ජංගම රථයෙන් බිලිඳා බලපිටිය මූලික රොහලට ඇතුළත් කර ඇති අතර, බිලිඳා සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බව පොලීසිය පවසනවා.
බිලිඳා මාර්ගයේ දමා ගිය මව සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකාර මව සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් අම්බලන්ගොඩ පොලීසිය දැනුවත් කරන ලෙස ද පොලීසිය ඉල්ලා සිටිනවා.
අම්බලන්ගොඩ පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රේණුකා මහත්මිය ඇතුළු නිලධාරින් මේ පිළිබඳව විමර්ශනය සිදුකරනු ලබනවා.