
2025 ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත 2025 දකුණු ආසියානු පාපන්දු සම්මේලන්යේ (SAFF) ශූරතාවලිය සඳහා සත්කාරකත්වය ශ්රී ලංකාවට හිමිව තිබෙනවා.
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර්ගේ විධිමත් ඉල්ලීමකට අනුවයි SAFF සාමාජික රටවල් විසින් මෙම සුවිශේෂී තීරණය ගෙන ඇත්තේ.
ශ්රී ලංකාව අවසන් වරට 2008 දී SAFF ශූරතාවලියට සත්කාරකත්වය ලබා දෙනු ලැබුවා.
වසර 17ක දිගු කාලයක් බලා සිටීමෙන් පසු, “දකුණු ආසියාවේ ලෝක කුසලානය”ලෙස සැලකෙන මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකාවට නැවත වරක් අවස්ථාව ලැබෙනුයේ.