
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලිනී ෆොන්සේකා මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටිනවා.
මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණු අතර අද උදෑසන වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්ව ඇතැයි පවුලේ ඥාතීහූ පවසා සිටියා.
තත්ත්වය එසේ තිබිය දී මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර යමින් පවතින අතර, ඒ සියල්ල අසත්‍ය බවත් මේ මොහොතේ මානසික පීඩාවන් ඇති නොකරන ලෙසත් මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටිනවා.
එමෙන්ම ජනතාවට එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් අදාළ අසත්‍ය පුවත් මුදාහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදුකර ඇති බවත් ඇගේ පවුලේ ඥාතීහු වැඩි දුරටත් පවසා සිටිනවා.