ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කාන්තා ක්රිකට් ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සමත් වුණා.
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම මෙම ශූරතාවය දිනා ගැනීමට සමත්වූයේ පළමු වරටයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළා.
ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 167ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අතපත්තු පන්දු 43කදී ලකුණු 61ක් ලබා ගත් අතර ජයග්රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්රම නොදැවී ලකුණු 69ක් රැස් කළා.
ඇයට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30යි.