
අළුත්කඩේ අධිකරණයේදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ මහමොලකාරිය යයි පැවසෙන ඉෂාරා සෙව්වන්දි මාලදිවයිනට පලා ගොස් ඇති බවට වාර්තා පළවනවා.
මුහුදු මාර්ග ඔස්සේ ඇය මාලදිවයින වෙත රැගෙන ගොස් ඇත්තේ විදෙස්ගතව සිටින ප්රබල පාතාල කල්ලි නායකයෙකු විසින් බවද සඳහන්.
ගනේමුල්ලේ සංජීව ඝාතනයට පත් වූ දා සිටම ඇය සොයා පොලිස් කණ්ඩායම් රැසක් රට පුරා මෙහෙයුම් සිදු කරමින් සිටිනවා.
ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සියලු තොරතුරු ඉන්දීය බුද්ධි අංශ සමඟ මෙරට ආරක්ෂා අංශ විසින් මේ වන විටත් හුවමාරු කරගෙන ඇත්තේ ඇය ඉන්දියාවට පලා ගොස් සිටියහොත් අත්අඩංගුවට ගැනීම පහසුවීම සඳහායි.