ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ වියදම රුපියල් මිලියන 5833 ක් දක්වා වැඩි වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ජුලි මස 26 වන දින නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වනවා.
ඒ අනුව 2018 ජනවාරි 01 වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා වසර 05ක සාමාන්‍ය වාර්ෂික වියදම රුපියල් මිලියන 4342ක් වුවද 2023 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් 31 වනදා කාලසීමාව තුළ එය තවත් වැඩිවී තිබෙනවා.
එමෙන්ම මෙම කමිටුව විසින් හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මන්ත්‍රීවරුන්, හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්, ආගමික නායකයන් හා වෙනත් ප්‍රභූන් හා විවිධ තැනැත්තන් සඳහා අනුමත කරන ලද සීමාව ඉක්මවා ප්‍රභූ ආරක්ෂකයන් වසර ගණනාවක සිට අනුයුක්ත කර සිටින අවස්ථා පැවති බවද එම විගණන වාර්තාවේ සඳහන් වනවා.
චක්‍රලේකයට පරිභාහිරව අනුයුක්ත කර සිටින නිළධාරීන් වෙනුවෙන් ගෙවා ඇති වැටුප් හා අතිකාල දීමනා, වියදම් ඇතුළු විශේෂ දීමනා පිරිමැසුම් දායක නොවන වියදම් බවද එම විගණන වාර්තාවේ සඳහන් වනවා.