
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට අදාල විධායක නියෝගයට අත්සන් තබා තිබෙනවා.
ඒ ඔහු පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ලබා දුන් පොරොන්දුවකට අනුවයි.
එහිදී ඔහු කියා සිටියේ අනෙකුත් රටවලට සාපේක්ෂව අමෙරිකාව අධ්‍යාපනය සදහා වැඩි මුදලක් වෙන් කරන බවයි.
අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට අදාල නියෝගයට අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් කළ නමුත් ඒ සදහා එරට කොන්ග්‍රසයේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.