
වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හේතුවූ වැලිගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 6 දෙනකු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
එම සැකකරුවන් 6 දෙනා අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇතැයි වාර්තා වනවා.
එම සැකකරුවන් 2023 වසරේ වැලිගම ප්‍රදේශයේ ප්‍රකට හෝටලයක් ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයන් ලෙස නම්කර තිබුණා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ, වැලිගම පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් වෙඩිතැබීම මෙහෙයවීම සම්බන්ධයෙන් වැඩතහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.
දේශබන්දු තෙන්නකෝන්ට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණද දින 20 ක පමණ කාලයක් සැඟව සිටි ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවුණා.
අනතුරුව ඔහු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.