
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු විශ්‍රාම වැටුප ලබන මාසයේ සිට අත්හිටුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්යක්ෂවරයාට දැනුම්දී ඇතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළා.
ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු මන්ත්ත්රීවරයෙකු ලෙස වසර පහක් සම්පූර්ණ කර ඇත්නම් ඔහුට මන්ත්‍රී විශ්‍රාම වැටුප හිමිවන අතර ඔහු විශ්‍රාම ගිය පසු ජනාධිපති ධුරයේ විශ්‍රාම වැටුපද හිමිවනවා.
මේ ආකාරයට තමාට විශ්‍රාම වැටුප් දෙකක් අවශ්‍ය නැති බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 21 වැනිදා ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයෙකු ලෙස ලැබෙන විශ්‍රාම වැටුප ඉවත් කරන ලෙස අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට පෙර පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියකින්ද ඒ බව දැනුම් දී තිබෙනවා.
එම ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරිය එහි මූල්‍ය අධ්යක්ෂවරයාට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.