
ශ්‍රී ලංකාවේ තිස් හත්වැනි පොලිස්පතිවරයා බවට පත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු අතර සීතල සටනක් ආරම්භ වී ඇති බව වාර්තා වනවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.
මේ වන විට වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක, සංජීවමැදවත්ත, රන්මල් කොඩිතුවක්කු, සංජීව ධර්මරත්න, කිත්සිරි ජයලත්, එම්.ජී.ආර්.එස්. චමින්ද යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද මෙම පොලිස්පති ධුරය සඳහා ඉදිරියෙන්ම සිටින බවද සඳහන් වනවා.
කෙසේවෙතත් දැනට වැඩ බලන පොලිස්පතිවරයාට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම සඳහා ඇත්තේ ටික කාලයක්.