
පළාත් සභාවලට අයත් අතුරුදන්ව ඇති වාහන පිළිබඳ සෙවීම ආරම්භ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, එම වාහන සම්බන්ධ විමර්ශනයට කණ්ඩායමක් ද පත් කර ඇති බවයි.
පළාත් සභා සතු ආයතන, ව්‍යාපෘති සඳහා ඇතැම් නිලධාරීන්ට භාවිතයට මුදා හැර ඇති ඇතැම් වාහන අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග මෙම විමර්ශනය ආරම්භ කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ඔහු සඳහන් කළේ, රජයට අයත් එම වාහන අවභාවිත කළ පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.