
මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.3ක දරුණු භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) කළ නිවේදනය අනුව අසල්වැසි තායි අගනුවර බැංකොක් මෙම භූමිකම්පාවෙන් සෙලවී ගිය අතර, දහස් ගණනක් ජනයා ගොඩනැගිලිවලින් පිටතට දිවගොස් තිබූ බවට විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
භූමිකම්පාවෙන් පසු සිදු වූ හානිය පිළිබඳව මියන්මාරයෙන් ක්ෂණික ආරංචියක් නොමැති අතර, එය කිලෝමීටර 10 ක් (සැතපුම් 6.21) ගැඹුරකින් මණ්ඩලේ නගරය අසල ඇති බව GFZ කියා සිටියා.
USGS ට අනුව, මිලියන 1.2 ක පමණ ජනගහනයක් සිටින මැන්ඩලේ නගරයේ සිට කිලෝමීටර 17.2 ක් පමණ දුරින් අපිකේන්ද්‍රය පිහිටා තිබෙනවා.
බැංකොක්හි සාක්ෂිකරුවන් පැවසුවේ මිනිසුන් භීතියෙන් වීදිවලට දිව ගිය බවත් පිහිනුම් තටාකවලින් ජලය විසිරී ගිය බවත්ය.
මේ අතර බැංකොක් නුවරටද බලපෑ දරුණු භූමිකම්පාවෙන් නගරයේ ගොඩනැගිලි කඩාවැටෙන දර්ශන විදෙස් ජනමාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.