
මාදිවෙල මන්ත්රී බංගලාවල කුලිය තවත් වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.
මෙම මන්ත්රී නිල නිවාසයක මාසික කුලිය රුපියල් 2000කි.
මන්ත්රීවරුන්ගේ කෑම බිල වැඩි කරන අවස්ථාවේදී මෙම නිල නිවාස කුලියද වැඩි කරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ කණ්ඩායම් පසුගිය කාලයේදී රජයෙන් දැඩිව ඉල්ලීමක් කළා.
මාදිවෙල මන්ත්රී බංගලාවල මාසික කුලිය වසර දහයකට වැඩි කාලයක් තිස්සේ සංශෝධනය වී නැහැ.
මාදිවෙල මන්ත්රී බංගලාවල මන්ත්රීවරුන් එකසිය විස්සකට වැඩි පිරිසක් දැනට රැඳී සිටින අතර ඉන් වැඩි පිරිසක් ජාතික ජන බලවේගයේ මන්ත්රීවරු වනවා.
කොළඹින් නිවාස ඉල්ලූ සියලුම මන්ත්රීවරුන්ට මාදිවෙල මන්ත්රී නිල නිවාස සංකීර්ණයෙන් මේ වනවිට ගෙවල් ලබාදී අවසන් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. මාදිවෙල මන්ත්රී නිල නිවාස සංකීර්ණයෙන් මෙසේ නිවාස ලබාගෙන ඇති වැඩි පිරිසක් ඈත දුර බැහැර මන්ත්රීවරුන් වනවා.