ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවූ නාය යෑමකින් 14 දෙනෙක් මියගොස් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තවත් පිරිසක් අතුරුදන්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
කේරළ ප්‍රාන්තයේ මෙප්පාදී නම් ප්‍රදේශයේ අද (30) එම නාය යෑම සිදුවී තිබෙනවා.
එහි හිරවී සිටින පිරිස සොයා ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
අධික වර්ෂාව හේතුවෙන් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ඇති අතර එම නාය යෑමට ගොදුරු වූ සමහරු චලියාර් ගංගාවේ ගසා ගෙන යන්නට ඇතැයි ද සැක කෙරෙනවා.
එමෙන්ම එම කලාපයේ ප්‍රධාන පාලමක් කඩා වැටීම හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම අභියෝගාත්මක වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
එම ප්‍රදේශයට දිගටම වැසි ඇති විය හැකි බවට එරට පුවත් වාර්තා කරන අතර ඉන්දීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා.
අධික වර්ෂාව සහ ගංවතුර සඳහා ප්‍රසිද්ධ කේරළය 2018 දී විශාල ගංවතුරකට මුහුණ දුන් අතර එය ජීවිත 400 කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වුණා.