නීතිවිරෝධී ලෙස ඉන්ධන ලීටර මිලයන 1.5ක් ජාවාරම් කරමින් පැවති බවට චෝදනා කරමින් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන විප්ලවීය හමුදාව සිය භාරයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පර්සියන් බොක්කේ දී පසුගිය සඳුදා (22) එම නෞකාව ඔවුන් විසින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස භාරයට ගෙන ඇත්තේ බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටෝගෝ ධජය යටතේ ඉන්ධන ප්‍රවාහනය කරමින් පැවති නෞකාවක්.
එහි 12 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.