
වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශය ලබාදීමේදී ස්ත්‍රී පුරුෂ භාවයට අමතරව ‘වෙනත්’ ලෙස තවත් කාණ්ඩයක් හඳුන්වා දී තිබෙනවා.
වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කරන අයදුම් පත්‍රයේ මෙම නව ඛාණ්ඩය දැකගත හැකියි.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 82 වගන්තිය යටතේ වන ්කම් බැරකම් පිලිබද ප්රකාශනය මෙහි දැක්වෙනවා.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකට අනුව ශ්‍රී ලංකාව ස්ත්‍රී පුරුෂ භාවයන් දෙකක් පමණක් පිළිගන්නා බව තීන්දු කර තිබෙනවා.
පුරුෂයා සහ ස්ත්‍රිය ලිංගිකත්වයේ හෝ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයේ වෙනස්කම් නොසලකා සැමට සමාන අවස්ථා ලබා දීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සමානාත්මතාවයට ඇති අයිතිය සහතික කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට අනුකූල නොවන බව අධිකරණය තීරණය කර තිබෙනවා.
මෙම තීරණය අනුව සාම්ප්‍රදායික ද්විමය සීමාවෙන් ඔබ්බට තුන්වන ලිංගයක් හෝ ස්ත්‍රී පුරුෂ නොවන අනන්‍යතාවයක පැවැත්ම අධිකරණය විසින් හඳුනා නොගනී.
බාගත කිරීම සඳහා
https://drive.google.com/file/d/1Yzz3tGkeGjMOgNek_mfYPiB7CUeiJ8jf/view