
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් තමන් ලබාදුන් රහසිගත තොරතුර රටට හෙළි කරන්නේද නැද්ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තමන් මෙම තොරතුර ලබා දී ඇති බවත් ඔහු කියා සිටියා.
ඇමරිකානු බුද්ධි අංශ විසින් අදාළ ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ අනුව ISIS ත්රස්ත සංවිධානය එහි එම ප්රහාරය එල්ල කරන ලද බව හෙළි වී ඇති බවද ඔහු කියා සිටියා.