වසර 45ක (1979 සිට) ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අද (02) පැවැත්වෙන තරගය දෙරට අතර 169 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වනවා.
ඉන් වැඩි ගෞරව හිමිකරගෙන සිටින්නේ, ඉන්දීය කණ්ඩායම වන අතර, ඔවුන් තරග 99ක ජය තහවුරු කරගෙන සිටිනවා.
ඒ අනුව අද තරගද ජයගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණ ශතකයක් සම්පූර්ණ කිරීමට ඉන්දියාවට හැකිවනු ඇති.
කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට මේ දක්වා ජය ගැනීමට හැකිවී ඇත්තේ තරග 57ක් පමණක් වන අතර, තවත් තරග 11ක් විසඳුමෙන් තොරව අවසන් වී තිබෙනවා.
එමෙන්ම දෙරට අතර ශ්‍රී ලංකාවේ දී (1985 සිට) පැවැත්වෙන 67වැනි එක්දින තරගය ද මෙය වනවා.
එහිදී ද තරග 28ක ජය ශ්‍රී ලංකාව සම්පූර්ණ කර ගද්දී, තරග 32ක් ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.