
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සහ මල්ලි මේ වන විට සිරගතව සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා.
චන්ද්‍රසේන මහතා සම්බන්ධයෙන්ද ලොකු නඩු දෙකක් අධිකරණව විභාග වෙමින් ඇතැයි ඒ මහතා කියා සිටියා.
මාවිල්ආරු වන්දි හා වැවු තාවුල්ලේ හෝටල් හැදීම සම්බන්ධ එම නඩු දෙකද ඉක්මනින් අවසන් කර නෝනා ළඟට අයියා ද යවන බව ඔහු කියා සිටියා.
දැන් පවතින්නේ වෙනදා මෙන් ආණ්ඩු නොවේ ජනතාවාදී ආණ්ඩුවක් බවත් ඒ නිසා නීතිය සියලු දෙනාට සමානව ක්‍රියාත්මක වන බවත් ඔහු ජන හමුවක් අමතමින් කියා සිටියා.