නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදය ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක්වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා පවසන්නේ මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් එය ඉටුකීරීම සඳහා ණය ගැනීම මත මෙරට ආර්ථිකය මෙන්ම දේශපාලනයද කඩා වැටුණු බවයි.
යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින් සමඟ ඊයේ (02) පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
පෙර සිදුවූ වැරදි යළි සිදුනොවීමට වග බලාගනිමින් නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ගොඩනැගීම සඳහා ගන්නා උත්සාහයට දායක වීම මෙරට විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.